සෝෂල් මීඩියා වාරණය ගැන කියන්න ඉරාජ් මාධ්‍ය හමුවට

Picture of අසංක

අසංක

සමාජ ජාල වාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සඳහා ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා හෙට මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය.

මේ සඳහා විද්වත් මණ්ඩලයක් ද සහභාගි වන බව ඔහු දන්වා සිටී.

පසුහඹන්නන් දහස් ගණනක් සිටින ඔහුගේ ෆේස්බුක් ගිණුම දින කිහිපයක සිට අක්‍රිය කර තිබේ.

ඔහු චෝදනා කර සිටින්නේ ආණ්ඩුව විවේචනය කිරීම නිසා තම සමාජ ජාල ගිණුම අත් හිටුවා ඇති බවය.

මේ පිළිබඳ ව්‍යාජ ලෙස සැකසූ සංවාදයක් මගින් තමන් මේ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමට උපදෙස් දුන් බවට කිසියම් පිරිසක් විසින් කරන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මෙගාපොලිස් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද කර තිබුණි.

ඒ මෙම අසත්‍ය ප්‍රචාරය සිදුකරන පුද්ගලයන් පිළිබඳ සොයා බලා වහා පියවර ගන්නා ලෙස ඉල්ලමිනි.

එම පැමිණිල්ලේදී ධනුෂ්ක රාමනායක මහතා සැකකරුවන් ලෙස පුද්ගලයන් තිදෙනෙකු නම් කර තිබුණි.