හඩ පටියක් නිසා යුක්‍රේන අගමැති ඉල්ලා අස්වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුක්‍රේන අග්‍රාමාත්‍ය Oleksiy Honcharuk සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Volodymur Zelenskiy වෙත යොමු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනය කර සිටින්නේ අගමැතිවරයා එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බවයි.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බව පවසමින් යුක්‍රේන අගමැතිවරයා විසින් සිය ජනාධිපතිවරයා විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයක් ඇතුලත් හඬ පටයක් කරලියට පැමිණීමත් සමග ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

යුක්‍රේන අග්‍රාමාත්‍ය Oleksiy Honcharuk තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවට පවසමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.