සේවා කිහිපයකට ලංගම ඩිපෝවලින් ඉන්ධන

අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල රථ වාහන සහ විදුලි ජනක යන්ත්‍ර සඳහා ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ මගින් ඉන්ධන ලබාදීමට තීරණය කර තිබේ. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සතු රථ වාහන සහ පාසල් සිසුන් ප්‍රවාහන රථ ද මීට අයත් වේ.

ජොන්ස්ටන් , සනත් නිශාන්ත ඇතුළු 22 ක් අත්අඩංගුවට ගැනීමට නියෝග !

අරලියගහ මන්දිරය ඉදිරිපිටත් ගාලු මුවදොර පිටියේත් සාමකාමී අරගලයේ නිරතව සිටි පිරිස් වෙත පහරදීමට අදාලව මෙතෙක් හඳුනාගෙන සිටින සැකකරුවන් 22ක් සම්බන්ධයෙන් ඝෘජු මෙන්ම අවස්ථානුකූල සාක්ෂි සහ තාක්ෂණික සාක්ෂි ඇත්නම් හැකි ඉක්මනින්ම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද ලිඛිත උපදෙස් ලබාදී තිබේ. මෙසේ නීතිපති උපදෙස් ලැබී ඇත්තේ අධිකරණය මඟින්…

පෝලිම්වල ඉන්න එපා – තෙල් එන්නේ තව දින තුනකින් !

ඉදිරි දින 03 ගත වෙන තෙක් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් මහජනතාවට දැනුම් දී සිටිනවා. ඉදිරි සති 02ක තුලදී ඉන්දීය ණය පහසුකම් යටතේ දිවයිනට ඉන්ධන නෞකා 03ක් ළඟා වීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ. දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1190ක් සඳහා ඉන්ධන නිකුත් කිරීම…

ගෑස් තොගයකට මුදල් ගෙවයි !

ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙලෙස මුදල් ගෙවූ ගෑස් තොග ගොඩබෑමෙන් පසු හැකි ඉක්මනින් බෙදාහැරීමට පියවර ගන්නා බවයි. මේ අතර මෙරට පවතින ඩොලර් හිගය නිසා ඉදිරි සතිවලදී ඉන්ධන සදහා ගෙවීම් සිදු කිරීමට වෙනත් ක්‍රමයක් සොයා බලමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා තවත් ට්විටර්…