නවතම පුවත්

‘දේශපාලුවන්ගේ’ රැකවරණ මැද ජනතාව හූරාකන ජාවාරම්කාරයෝ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නිෂ්පාදකයින්ගේ අත්තනෝමතික මිල ඉහල නැංවීම් හරහා පීඩාවට පත්ව සිටින පාරිභෝගික ජනතාවට යම් සහනයක් සැලසීමට , , සිමෙන්ති හා වානේ සඳහා නැවත පාලන මිලක් ක්‍රියාත්මක කරලීම පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ අවධානය යොමුව ඇත .

මේ ආකාරයේ පාලන මිලක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වානේ හා සිමෙන්ති කම්හල් හිමියන් , පසුගිය වසර පුරාවට කිසිදු සීමාවකින් තොරව අවස්ථා කිහිපයකදීම තම නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇති බවත් , පාරිභෝගික අධිකාරිය පෙන්වාදේ .

විශේෂයෙන්ම දේශපාලකයින්ගේ සහය හා ආරක්ෂාව යටතේ මෙම කම්හල් හිමියන් ඉතා අධික හා අසාධාරණ ලෙස ලාභ ලබා ඇති බවටද මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් ඇත ,

බැසිල් රාජපක්ෂ මහතා , මුදල් අමාත්‍යවරයාව සිටි කාලසීමාවේදී , සිමෙන්ති සඳහා පනවා තිබු පාලන මිල ඉවත්කළ අතර ඒ හරහා සිමෙන්ති මිල 300% ක ප්‍රමාණයකින් ඉහල ගියේය .

මේ අතර වානේ සඳහා කිසිදු පාලන මිලක් නොපැනවින . “ලංවා නන්දන ” ලෙසින් කුප්‍රකට පුද්ගලයෙකු හා එක්ව වානේ ව්‍යාපාර කටයුතුවල නිරතව වූ බවට , රාජපක්‍ෂ පවුලේ ඇතැම් සාමාජිකයින් වෙතද පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ලවිය . කෙසේ වෙතත් මෙසේ වානේ සඳහා මිල පාලනයක් සිදුනොකිරීම නිසා , රුපියල් 125000 පමණ මිලකට පැවති වානේ මෙට්‍රික් ටොන් එකක මිල මේ වනවිට රුපිය 625000 දක්වා ඉහල ගොස් ඇත .

දැනටමත් අධිකාරිය විසින් මෙම මිල පාලනයට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර , ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේද අනුමැතිය හා උපදෙස්ද ලැබී ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි .

සිමෙන්ති සහ වානේ යන දෙකම ඉන්දියාවෙන් ආනයනය කළහොත් ,දැනට පවතින මිලට වඩා සියයට 50කට වඩා අඩු මිලකට ඒවා අලෙවි කල හැකි බවටද ආර්ථික විශේෂඥයින් පෙන්වාදේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්