නවතම පුවත්

“ඉදිරියටත් වේදනාකාරී තීන්දු ගන්න වේවි” – මහබැංකු අධිපති

අසංක

අසංක

වර්තමාන අර්බුදකාරි වතාවරණය තුළ රටේ ආර්ථික ස්ථායිතාව ඇති කර ගැනීම සඳහා තීරණවලට එළැඹීමේදී සමාජයට එය වේදනාත්මක වනු ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තීරණ කිහිපයකට එළැඹිය යුතු වීම එවැන්නක් බවත් එහි ප්‍රථම පියවර ලෙස විදුලි ගාස්තු, ඉන්ධන මිල, බදු ඉහළ නැංවීම අදිය තීරණ ගැනීමට සිදුවනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

දෙවන පියවර ලෙස ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව පවතින බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

ශ්‍රී ලංකාව ණය ලබාගත් ණයහිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ලැබීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙනු ඇති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එළැඹෙන සිකුරාදා දින සිට ණයහිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ලැබෙනු ඇති බව හෙතෙම කීය.

ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ ඉදිරි කටයුතු සඳහා ණයහිමියන්ගෙන් ලැබෙන එකඟතාව තීරණාත්මක සාධකයක් වනු ඇති බව ද ඔහු අවධාරණය කළේ කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි