නවතම පුවත්

ජපානයේ කියෝතෝ ඇනිමේෂන් ස්ටුඩියෝවට ගිනි තැබිමෙන් මිය ගිය ගණන 33 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජපානයේ, ක්යෝතෝ නගරයේ සජීවීකරණ ස්ටුඩියෝවකට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් සිදුකළ ගිනි තැබීමකින් පුද්ගලයන් 33 දෙනෙකු මේවන විට ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

ජපාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට 41 හැවිරිදි සැකකරු ක්යෝතෝ ඇනිමේෂන් කෝප්රේෂන් ස්ටුඩියෝව වෙත හදිසියේ කඩා පනිමින් ඒ තුළ පෙට්‍රල් ඉසීමෙන් පසු මෙම ගිනි තැබීම සිදුකර ඇත.

එන්.එච්.කේ. රූපවාහිනිය සඳහන් කළේ මෙම ප්‍රහාරයට ගොදුරු වූ පිරිස් පිළිබඳ තවමත් නිවැරදි තක්සේරුවක් නොමැති බවයි.

මේ අතර, ප්‍රහාරය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබූවද, ඔහුද තුවාල ලබා ඇති නිසා රෝහල්ගත කර ඇත.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ කියා සිටියේ මෙම අපරාධය වචනයෙන් විස්තර කළ නොහැකි දෙයක් බවයි. එමෙන්ම, මින් විපතට පත්වූවන්ට සිය ශෝකය පළ කිරීමටද අගමැතිවරයා කටයුතු කළේය.

මෙම ප්‍රහාරය සිදුවූ ස්ථානයේ සිට තියුණු පිහි කිහිපයක්ද හමුව ඇති අතර, ප්‍රහාරයට හේතුව මෙතෙක් පැහැදිලි නැතත්, සැකකරු මීට පෙර අදාළ ආයතනයේ සේවය කළ අයෙකු බව විශ්වාස කෙරෙයි.

YouTube player
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා