සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරිමේ වැඩපිළිවෙලක් සකසන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
රක්ෂිත බන්ධනාගාර භාරයේ සිටින සැකකරුවන්ගේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය යටතේ සඳහන් විධි විධානවලට යටත්ව සිර දඬුවම් ලැබූවන්ගේ ඡන්ද අයිතිය මෙලෙස තහවුරු කරන ලෙස ඔවුන් අවධාරණය කර ඇත.
සැකකරුවන් වශයෙන් බන්ධනාගාරගත වන්නන්ට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය යටතේ සඳහන් විධි විධානවලට යටත්ව සිර දඬුවම් ලැබූවන්ට මැතිවරණයකදී ඡන්ද අයිතිය හිමිවන නමුත් මෙතෙක් ඊට ප්‍රායෝගික වැඩපිළිවෙලක් බන්ධනාගාර මට්ටමින් ක්‍රියාත්මක නොවන්නේ යැයිද එම සංවිධානය පවසයි.
මේ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්ති අනුව සුදුසුකම් ලැබූ සිරකරුවන්ට තමන්ගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව අහිමි වී ඇතැයිද එමගින් සිරකරුවන්ට සැලකීම පිළිබඳ එක්සත් ජාතින්ගේ අවම ප්‍රමිති උල්ලංඝනය වී ඇතැයිද එම සංගමය පෙන්වා දෙයි.