වසර 26ක් තිස්සේ තැපෑලෙන් ආ පෝස්ට්කාඩ් එකක්

Picture of අසංක

අසංක

වසර 26කට පෙර ලියුම් පෙට්ටියට දැමූ තැපැල්පතක් ( Post card ) 2019 වසරේදී අදාළ ලිපිනයට ලැබුණු පුවතක් ඇමරිකාවෙන් වාර්තා වේ.

ඉලිනොයිස්හි පදිංචි Kim Draper නමැති තැනැත්තියකට මෙම තැපැල්පත ලැබී තිබුණි.

නමුත් වසර 26කට පෙර එනම් 1993 වසරේදී එම ලිපිනයේ වාසය කර තිබුනේ වෙනත් පවුලකි.

හොංකොං රාජ්‍යයේ රැකියාවකට ගොස් සිටි Masrour Kizilbash නැමැත්තා තම පවුලේ සාමාජිකයින් සිහි කරමින් මෙම තැපැල්පත ඒවා තිබුණි.

කෙසේ හෝ මෙම සිදුවීම ඉලිනොයිස්හි පුවත්පත්වල පළවීමත් සමඟ තැපැල්පත එවූ පුද්ගලයා සහ එම පවුල වෙනත් ප්‍රදේශයක පදිංචි වී සිටින බව සොයා ගැනීමට හැකිවිය. කෙසේ හෝ තවමත් එම තැපැල්පත ඔවුන්ගේ පවුලට ලැබී නැත.

දෙපාර්ශ්වයටම රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට ආරාධනා ලැබී ඇති අතර එදිනට මෙම තැපැල්පත හුවමාරු වීමට නියමිතව ඇත. ඒ පිළිබඳව අදහස් දක්වන Kim Draper මෙසේ පවසයි. ” රූපවාහිනී වැඩසටහන පැවැත්වුණේ නැතත් මම මේ තැපැල්පත ආයේ තැපෑලට නම් දාන්නේ නෑ. මම තකහනියක්ම ගිහින් ඔවුන්ව මුණගැහිලම තමයි මේක දෙන්නේ”.

තැපැල්පත එවූ Masrour Kizilbash පුවත්පතට මෙසේ පවසා තිබුණි. ” ඇත්තටම මම මෙච්චර කල් හිතන් හිටියේ ඒ තැපැල්පත ලැබෙන්න ඇති කියලා. ඒ කාලේ දැන් වගේ මොබයිල් ෆෝන් නෑ. රටකින් රටකට කෝල් ගන්න එකත් මිල අධික වැඩක්. ඉතිං මම මගේ පවුලේ අයව මතක් වුණු වෙලාවට, මම විශේෂ දෙයක් දුටුවම ඔවුන්ට මේ විදිහට පොස්ට් කාර්ඩ් එවන එක තමයි කළේ” කෙසේ හෝ ඇමරිකානු තැපැල් දෙපාර්තමේන්තුව නම් කියන්නේ මේ තැපැල් පත අවුරුදු 26ක් තිස්සේ හොංකොං නුවර හෝ පැරණි ගබඩාවක තැන්පත්ව තියෙන්න ඇති බවයි.