අවදානමින් මිදුනු සෞඛ්‍ය මගපෙන්වීමක් Live Life

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයට නව මුහුණුවරක් මෙන්ම අවදානමින් මිදුනු සෞඛ්‍ය මගපෙන්වීමක් හඳුන්වා දෙන live life ’ රක්ෂණ විසඳුම සමඟින් පාරිභෝගිකයන්ව සුවතාවයේ නව මගක කැඳවාගෙන යාමට ‘ජනශක්ති ජීවිත රක්ෂණ සමාගම’ කටයුතු යොදා තිබේ.

ඒ අනුව ජීවන රටා, සෞඛ්‍ය හා යෝග්‍යතා පිළිබඳ ප්‍රමුඛ මෘදුකාංග යෙදුමක් (app)- වන ayubo.life සමඟින් ඔවුන් අත්වැල් බැඳගන්නා ලදී. සුවතාවය පදනම් වූ මෙම ඩිජිටල් ජීවිත රක්ෂණ සැළසුම, සිය පාරිභෝගිකයන්ට සෞඛ්‍ය තත්ත්වය සමඟම සුවතාවය පිළිබඳ අරමුණු වැඩිදියුණු කරගැනීම පිණිස නිශ්චිත ප්‍රතිලාභ ලබාදෙන අතර මෙවැනි නව්‍යකරණයක් දේශීය රක්ෂණ ක්ෂේත්‍රයට හඳුන්වාදෙන පළමු අවස්ථාව මෙය වේ.

මෙම ‘live life ’ සැළසුමට අනුව මාසිකව රු.1000/} සිට 5000/} දක්වා දිවෙන වාරිකයකට රක්ෂණ කාණ්ඩ පහක් යටතේ එන සැළසුම් පහක් අතරින් තමන්ට ගැළපෙන සුරක්ෂිත මට්ටම තෝරාගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලබාදේ. මෙම යෙදුමට පිවිසුණු විට වෛද්‍යවරුන්, පෝෂණවේදීන්, කී්‍රඩා විද්‍යාඥයන් ආදී සෞඛ්‍ය හා සුවතා විශේෂඥයින් කණ්ඩායමක් මඟින් වසරක් ඇතුළත සිය සෞඛ්‍ය අවදානම් පහත දැමීම පිණිස පාරිභෝගිකයාට මඟ පෙන්වයි. මෙයට අනුගතවී වසරක් තුළ රක්ෂණ ඔප්පු හිමියකු තම අවදානම් මීළඟ මට්ටම දක්වා අඩුකරගැනීමට සමත් වූ විට ඔවුන්ට මීළඟ වර්ෂය සඳහා වැඩි ආවරණ මට්ටමක් සමඟින් අතිරේක ආරක්ෂණ ප්‍රතිලාභ පිරිනමනු ලැබේ.

මෙම නව ජීවිත රක්ෂණ සැළසුම පිළිබඳ අදහස් දක්වමින් ජනශක්ති ජීවිත රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ‘live life ’ සැළසුම් කර ඇත්තේ පුද්ගලයන්ගේ හොඳ සෞඛ්‍ය පුරුදු අගයමින් සාම්ප්‍රදායික රක්ෂණ ක්ෂෙත්‍රයේ සීමාමායිම් බිඳදැමීමට බවයි. ‘live life යනු පාරිභෝගිකයන්හට නිශ්චිත සහ අර්ථවත් දීමනා ලබාදීම මඟින් ජීවිත කාලය පුරාම මනා සෞඛ්‍ය තත්වයන් පවත්වාගෙන යාමට පාරිභෝගිකයන් උනන්දුකරවමින්, සෞඛ්‍ය අවදානම් අඩුකරගැනීමේ සංකල්පය මත පදනම්වූ නව්‍ය සැලසුමකි. රක්ෂණ සමාගම සහ රක‍ෂණ ඔප්පු හිිමියන් අතර පැවැති සාම්ප්‍රදායික සම්බන්ධතාවය වෙනස් කරමින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ මෙවැනි ප්‍රගතිගාමී පියවරක් තැබීමට හැකිවීම ගෞරවයක් බව ඒ මහතා පවසයි.