කළගෙඩිහේනේ ප්‍රභූ පාට් ‌පෙන්නූ ටියුෂන් ගුරා රිමාන්ඩ්

Picture of අසංක

අසංක

ජනප්‍රිය ගණිත ටියුෂන් ගුරුවරයකු වන දිනේෂ් නුවන් අමරතුංග මහතා අද අධිකරණයට භාරවීමෙන් පසුව ලබන 29 වැනිදා ‌තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ටියුෂන් ගුරුවරයා ඇතුළු 4 දෙනකු අද අත්තනගල්ල අධිකරණයට භාරවිය.

ඒ් කළගෙඩිහේනේදී තම ජිප් රථයට ඉඩ ‌‌නොදුන් වෑන් රථ රියැදුරකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ආරක්ෂකයන් ‌ලෙස ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් පුද්ගලයන් ද ‌මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ටියුෂන් ගුරුවරයා ඇතුළුව මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංඛ්‍යාව 08කි.