CIA ඔත්තුකරුවන් 17ක් ඉරාන අත්අඩංගුවේ – කිහිපදෙනකුට මරණ දඩුවම

Picture of අසංක

අසංක

සිය රට ගැන ඔත්තු බලන අමෙරිකානු CIA රහස් ඔත්තුකරුවන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඉන් කිහිපදෙනකුට මරණ දඬුවම නියම කළ බවත් ඉරාන රජය පවසයි.

අද මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉරාන රජය මෙම කරුණු හෙළි කළේය.

මෙම රහස් ඔත්තුකරුවන් අමෙරිකානු සීඅයිඒ ආයතනයට සේවය කරන ඉරාන ජාතිකයන් ය.

මොවුන් රටේ මුල්‍ය, ආරක්ෂක, සයිබර්, ‌තොරතුරු වැනි ඉතා සංවේදී ආයතන තුළ සේවය කරමින් රටේ බොහෝ තොරතුරු සීඅයිඒ වෙත මුදාහැර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

තවද මෙසේ අත්අඩංගුවට ගත් 17 දෙනාට අමතරව තවත් පිරිසක් කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරතවන බවද ඔවුන් සේවය කරන ස්ථානවල දත්ත තාක්ෂණික යෙදවුම් ඔස්සෙ පිටස්තරයන් අතට පත් කරන බවටද තොරතුරු ලැබී ඇතැයි ඉරාන රජය පවසයි.

පසුගිය ජුනි මාසයේ ඉරාන රජය පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු සේවකයකු ඔත්තු දීමේ වරද යටතේ මරණීය දඬුවමට යටත් කළ බවයි.

මෙවැනි සිදුවීම් සමඟ ගල්ෆ් කලාපය දරුණු යුද්ධයකට තල්ලුවීමේ අවදානමක් ඇති බව යුද විෂ්ලේෂකයන්ගේ අදහස වී ඇත