නවතම පුවත්

වෛද්‍ය ෂාෆිගේ නඩුවේ මහේස්ත්‍රාත්ගේ හැසිරීම ගැන රහස් පොලීසිය පැමිණිලි කරයි

අසංක

අසංක

වෛද්‍ය ෂාෆිගේ නඩුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් වීමට නියමිත බවට මුලින්ම හෙළිදරව් කරන ලද්දේ ද කලම්බෝ එක්ස්ප්‍රස් වෙබ් අඩවිය විසිනි.

මෙම නඩුවේ පාර්ශ්වකරුවකු නොවන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ගෙන්වා නඩුවට අදාළ ප්‍රකාශයක් ලබාගැනීම, එම ප්‍රකාශය පදනම් කරගනිමින් මව්වරුන්ට සිදුකිරීමට තිබූ පරීක්ෂණය නවතා දැමීම, රෝහල් අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය නඩු වාර්තාවෙන් ඉවත් කිරීම යන චෝදනා මහේස්ත්‍රාත්වරයාට එරෙහිව ඉදිරිපත් වී තිබේ.

නඩු වාර්තාවෙන් අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය ඉවත් කිරීමට යතුරු ලේඛිකාවට උපදෙස් දී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා විසින් බව රහස් පොලීසිය පැමිණිලි කරමින් දන්වා ඇත.

මේ අතර කුරුණෑගල මහේස්ත්‍රාත්රයා විසින් රහස් පොලීසියට නිගා වන අකාරයේ පෝට්ටු මහේස්ත්‍රාත්වරයාගේ නමින් පවතින ෆේස්බුක් ගිණුමක් මගින් මුදාහැරීම සම්බන්ධයෙන් ද රහස් පොලීසිය කරුණු රැස්කරගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්