ක්රිකට් වලට ආදරය කරපු මට ආදරය කරපු සියලු දෙනාට සුබ පතනවා. මම ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්රැම් පාවිච්චි කරන්නෙ නැහැ. මගේ බිරිදගේ ෆෙස්බුක් ගිණුමෙන් තමයි මම ලයිව් එන්නෙ. මීට කලින් දින කිහිපයකට පෙර ක්රිකට් ආයතනයට දැනුම් දුන්නා මම එක්දින ක්රිකට් පිටියෙන් සමුගන්නවා කියලා. ඒ බංගලදේශ සංචාරයේ පළමු තරගයෙන්.
අද මම ඒක ස්ථීරවම ක්රිකට් ආයතනයට දැනුවත් කළා. ඔවුන් ඒ සම්බන්ධයෙන් ගොඩක් හොද ප්රතිචාරයක් දැක්වුවා. ඒ වගේම මගේ කැමැත්තට ඉඩ දුන්නා. මගේ ක්රිකට් ජීවිතයේ අවුරුදු 16 කාලයක් මම ශ්රි ලංකා කණ්ඩායම නියෝජනය කළා. මගේ දක්ෂතාව මත කණ්ඩායමේ රැදෙන්න ඔය සියලු දෙනාගේ ශක්තිය මට ලැබුණා. ඒ ගැන සතුටුයි. ඔය සියලු දෙනා මගේ පසුපස මට සහයෝගය දක්වලා හිටපු එක සම්බන්ධයෙන් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා හැකිනම් 26 වැනිදා ඛෙත්තාරාම ක්රිඩාංගණයට ඇවිල්ලා මම ශ්රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්රිඩා කරන අවසාන එක්දින ක්රිකට් තරගය නරඹන්න කියලා. ඒක මගේ ඉල්ලීමක් ඊට පස්සේ මාව ආයෙත් එක්දින ක්රිකට් පිටියේ දකින්නට ලැබෙන්නෙ නැහැ.
මෙච්චර කාලයක් මාව කණ්ඩායමෙන් එළියට දාන්න එකතුවෙලා හරි අන් අයගේ කීමට හරි උත්සාහ දරපු සියලු දෙනාටත් මම අනුකම්පා කරනවා. දක්ෂතාව මත පමණයි කණ්ඩායමේ රැදිය යුත්තේ ඒක මම ක්රීඩකයෙක් විධියට සෑහෙන්න සාර්ථකව ඉෂ්ට කළා.
26 වැනිදා ඔයාලා සියලු දෙනා ඒවි කියලා මම බලාපොරොත්තුවෙනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි!