පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයන්ගේ ‌තොරතුරු දුන් අයකුට ‌පොලීසියෙන් ලක්ෂ 50ක තෑග්ගක්

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්ත කණ්ඩායමක් පිළිබද තොරතුරු  සැපයූ පුද්ගලයකුට රුපියල් ලක්ෂ 50ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒම පුද්ගලයා තොරතුරුලබාදුන්න ද ඇගයීමට ලක්නොවූ බව පැවසෙන හඩපටයක් මාධ්‍ය මගින් පසුගිය දිනවල ප්‍රචාරය වී තිබුණි.

සමන්තුරේ සෙන්ගල් ග්‍රාමයේ හා නින්දවූර් නිවසක සගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොග දෙකක් සොයාගැනීමට මෙම පුද්ගලයා දුන් තොරතුරු මත හැකිව තිබේ.

ඒම තොරතුරුවල  සාර්ථකභාවය සැළකිල්ලට ගෙන ඒකකට ලක්ෂ 25 බැගින් රුපියල් ලක්ෂ 50ක මුදල ඔහුට ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා අනුමත කර ඇත.