හොර පාරෙන් ඕස්ට්‍රේලියා ගිය ලාංකිකයෝ පිරිසක් එරටින් පිටුවහල්

Picture of අසංක

අසංක

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනකු ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරිමට කටයුතු කර තිබේ.

විශේෂ ගුවන්යානයක් හරහා එම පිරිස නැවත දිවයිනට පිටත්කර යවන බවද එරට මාධ්‍ය වාර්තා කරඇත.

පසුගිය ඉරිදා දිනයේ මෙම ශ්‍රී ලාංකිකයින් ඕස්ට්‍රේලියානු දේශ සීමාවේ දී ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපත වෙත යවා ඇති බවද වාර්තාවෙයි.

ඔස්ට්‍රේලියාන්‍ර විදේශ කටයුතු අමාත්‍ය පිටර් ඩුටේන් පවසන්නේ කිසිදු හේතුවක් මත මෙම සංක්‍රමණිකයින් තම රජය රඳවා තබා නොගන්නා බවයි.