හදිසි තත්වයකට සූදානමින් අමෙරිකානු හමුදාව ලංකාවට

Picture of අසංක

අසංක

ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් හමුදා නිලධාරීන් සහ සිවිල් සේවකයන් ශී‍්‍ර ලංකාව තුළ තාවකාලිකව රැඳී සිටින්නේ ශී‍්‍ර ලංකා රජයේ ඇරයුම මත බව ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිස්ට් සඳහන් කර සිටී .

ඇය සිය ෆේස්බුක් පිටුවේ මේ බව සඳහන් කර ඇත.

ශී‍්‍ර ලංකාව සමග විශේෂ බළකා සහයෝගිතා ගිවිසුමක් ඇතිකර ගැනීමට ඇමරිකාවට අවශ්‍ය බවත් , ශී‍්‍ර ලංකාවේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඇමරිකාවට කඩිනමින් ප‍්‍රතිචාර දැක්වීම සඳහා ඉඩ තිබිය යුතු බවත් ඇය මෙහිදී සඳහන් කර ඇත.

මේ නිසා ශී‍්‍ර ලංකාවට පැමිණෙන හමුදා සඳහා වූ ගිවිසුම ගැන ඇමරිකාව සහ ශී‍්‍ර ලංකාව තවදුරටත් සාකච්ඡා පවත්වන බවද ඇය සඳහන් කර සිටී.