මාකදුරේ මධූෂ් එක්ක ගේම් ගැහුව අයෙක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

මාකඳුරේ මධූෂ් සහ කංජිපානි ඉම්රාන් යන පාතාල හා මත්කුඩුජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වූ සැකකරුවකු අලුත්ගම අරුණලු ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සංජීව පුෂ්පකුමාර නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

මධූෂ් හා කංජිපානි සමඟ අපරාධවලට සහය දීම, අනුබල දීම, මනුෂ්‍ය ඝාතන කිරීම හා කුමන්ත්‍රණය ඔහුට එරෙහිව පවතින චෝදනායි.

සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.