ජනාධිපතිතුමත් මාලිගේ ගේ අවසන් තරගය නරඹන්න ඇවිත්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ලසිත් මාලිංග සහබාගි වූ අවසන් තරගය නැරඹීමට පැමිණි සිටිනු දැකගත හැකිවිය. කෙසේ නමුත් ජනාධිපතිවරයා තරගය අවසන්වනතුරු රැදි සිටියේ නැත. අපට දැනගන්න ලැබුණු ආකාරයට ඒ මහතාට තිබූ රාජකාරි කටයුත්තක් සදහා පිටත්ව ගොස් තිබිණ.

ජනාධිපතිවරයාගේ රුව රූපවාහිනී තිරයේ දිස්වන විට ප්‍රේක්ෂකයන්ගේ දැඩි ප්‍රතිචාරයක් එල්ල් විය.

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තරගය අවසන් වන තෙක් ක්‍රීඩා රැදි සිටියහ.

මීට අමතරව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, මොණරාගල පාර්ලිමේන්තු මන්ත්‍රී උදශාන්ත ගුණසේකර මහතා හා ජනිපේ නිරෝෂන් ප්‍රේමරත්න මහතාද පැමිණ සිටියහ.