පිලිපීනයේ භූමිකම්පාවෙන් 8ක් මිය යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුරුදිග පිලිපීනයේ දිවයින් කේන්ද්‍ර කොටගෙන අද අලූයම් කාලයේ භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළ පරිදි එම භූ කම්පන රික්ටර් පරිමාණයේ 5.4ක සහ 5.9ක ප්‍රබලතාවයන්ගෙන් යුක්තයි.

බටේනස් දිවයින් හි ජනතාව නින්දේ පසුවන අවස්ථාවක පළමු භූ කම්පනය සිදුව ඇති අතර, ඉන් පැය 4කට පමණ පසුව දෙවන භූ කම්පනය වාර්තා වුණා.

නිවාස රැසකට භූ කම්පනයෙන් හානි සිදුව ඇති අතර, පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.