එජාප සන්ධානයට ශ්‍රීලනිප ප්‍රබලයෝ පිරිසක් රනිල් හමුවට

Picture of අසංක

අසංක


එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකට එක්වීම පිලිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රීලනිපයේ ප්‍රබලයින් පිරිසක් එළඹෙන සතිය මුලදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇත.

දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇතුළු මන්ත්‍රීන් හත් දෙනෙකු පමණ මෙම සාකච්ජා සඳහා එක්වීමට නියමිත බවටද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී,

කෙසේ වෙතත් එම සාකච්ජාවට පෙර ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස ජනපතිවරයා හමුවීමටද සැලසුම් කර ඇත.

එහිදී එජාපය සමග වෙනමම සන්ධානයක් ලෙස එක්වීමට ඇති හැකියාව ගැනද පුළුල්ව සාකච්ජාවට ලක්වනු ඇති බව වාර්තාවේ.