පොලීසියේ උසස්වීම් 31000ක් මහ භාණ්ඩාගාරයේ හිරවෙයි

Picture of අසංක

අසංක

පොලිස් කොස්තාපල්වරුන්, පොලිස් පරීක්ෂකවරුන් දක්වා 31000ක පිරිසකට ලැබීමට නියමිත උසස්වීම් මහා භාණ්ඩාගාරයේ අනුමැතිය නොමැතිව සිරවී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම් ලේඛනය අනුමැතිය සඳහා ජාතික පොලිස් කොමිසමට යවා තිබේ.

එම ලේඛනයට අනුමැතිය ලබාදී පොලිස් කොමිසම විසින් එය මහ භාණ්ඩාගාරයට යවා ඇත්තේ උසස්වීමත් සමගම වැටුප් වැඩිවීමක් සිවන නිසයි.

කෙසේවෙතත් මහ භාණ්ඩාගාරයේ අනුමැතිය නොමැතිව මෙම ලේඛනය මාස ගණනාවක් තිස්සේ සිරවී පවති.

ජනාධිපතිවරයා ද අවස්ථා කිහිපයක දී පොලීසියේ 31000කට උසස්වීම් දෙන බව ප්‍රකාශ කර තිබුණි.