ආරක්ෂක කවුන්සිලේට එන ප්‍රභූන් විනාඩි 5න් නැගිටලා යනවා – යුද හමුදාපති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුද හමුදා බුද්ධි අංශය යම්තාක් දුරකට අධෛර්ය වීමට බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම හේතුවක් වු බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවැසීය.

4-21 ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් අද (30) උදෑසන යුද හමුදාපතිවරයා මෙම සදහන් කළේය.

2015 පසුව කිලිනොච්චිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල සොයා ගැනීමේ බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කළද අවශ්‍ය සහය හමුදාවට බලාපොරොත්තු වු තරම් නොලැබුණ බව යුද හමුදාපති පවසයි.

පසුගිය අවුරුදු පහක කාලය තුළ ඇතැම් මාස ආරක්ෂක කවුන්සලය රැස් නොවු අවස්ථා පවා තිබුණ බව යුද හමුදාපති මහේෂ් සේනානායක පැවැසීය. තමන් මාර්තු මාසයේ පැවැති ආරක්ෂ කවුන්සල රැස්වීමට අවසන්වරට ඒක්වු අතර රැස්වීමට වඩා බරපතල තත්ත්වය ඊට ඒක්වන පුද්ගලයන් රැස්වීම අවසන්වනතුරු සිටීම බවත් හමුදාපතිවරයා සදහන් කෙළ්ය.

විපක්ෂයේ මන්ත්‍රිවරු ආරක්ෂක කවුන්සිලයට රැස්විය යුතු නැහැ යන්න මගේ අදහස යැයි හෙතම පැවැසීය.