කුණු කන්ටේනර් රට පුරා ගෙනයාම තහනම්

Picture of අසංක

අසංක

විදේශවල සිට ආනයනය කළ කසළ කන්ටේනර් දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවලට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණය තහනම් නියෝග නිකුත් කර තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ මූලික කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කරනු ලැබීය.

පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 20  වන දා සිදු කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙහිදී සඳහන් කළේය.