නවතම පුවත්

මධූෂ්ගේ පාටියේ සිටි 31ක් උසාවියට – සෙස්සන් මෙරටට පිටුවහල් කෙරේ

අසංක

අසංක

පාතාල නායක හා මත්කුඩු ජාවාරම්කාර මාකදුරේ මධූෂ්ගේ දියණියගේ උපන් දින සාදයේ ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස අතර මත්ද්‍රව්‍ය භාවිත කර ඇති 31 දෙනකු මේ වනවිට හදුනාගෙන ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග අනාවරණය කරයි.

එම සාදයට සහභාගි වූ සියයකට ආසන්න පිරිසක් එදින ඩුබායි පොලීසියට හසුවී තිබුණි.

ඒ අයගෙන් මත්ද්‍රව්‍ය චෝදනා එල්ල නොවන සෙසු පිරිස ඉදිරි දින කිහිපය තුළ මෙරටට පිටුවහල් කර එවීමට නියමිත ය.

‌මත්ද්‍රව්‍ය භාවිත කළ බවට රුධිර පරීක්ෂාවෙන් අනාවරණය වූ 31 දෙනා මෙරට ඔවුන්ගේ ඥාතීන්ට දුරකතනයෙන් කතාබහ කිරීමට ඊයේ අවස්ථාව ලබාදී තිබුණි.

එරටින් ලැබෙන තොරතුරුවලට අනුව දැනගන්නට ඇත්තේ මොවුන් අනිද්දා අධිකරණයට ඉදිරිපත් කොට චෝදනා ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.

මධූෂ් වෙනුවෙන් පමණක් එරට නීතිඥයින් සමාගමක නීතිඥයින් 11 දෙනෙක් ඉදිරිපත් වී සිටින බව වැඩිදුරටත් එම තොරතුරු අනාවරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි