නවතම පුවත්

නවසිලන්තයේ ඇමති මණ්ඩලයට ,විධායක නිලධාරින්ට, 20%ක වැටුප් කප්පාදුවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නවසිලන්තයේ අගමැතිනිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සහ සියළුම රජයේ ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වැටුප් සියයට විස්සකින් කපා හරින බව මාධ්‍ය සාකච්ජාවකට සම්බන්ධ වෙමින් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන් මහත්මිය ප්‍රකාශ කර සිටියාය.
වත්මන් කොරෝනා වසංගත තත්වය නිසා බොහෝ දෙනෙකුගේ රැකියා අහිමි වී හෝ අාදායම් අඩුවී ඇති වෙලාවක තමන් සහ රජය විසින් ගත් මෙම තීරණය පෞද්ගලික අංශයේ විධායක නිලධාරීන්ද ආදර්ශයට ගනු ඇතැයි ඇය විශ්වාස කරන බවද මෙහිදී වැඩිදුරටත් අගමැතිනිය පැවසුවාය.
මේ අතර විරුද්ධ පක්‍ෂ නායක සයිමන් බ්‍රිජස් මහතාද ටුවිටර් පණිවිඩයක් යවමින් සඳහන් කර තිබුනේ තමන්ද සියයට විස්සක වැටුප් කප්පාදුවක් ලබාගන්නා බවයි.
මේ අතර පසුගිය පැය විසිහතර තුළ තවත් කොරෝනා ආසාදිතයින් විසිදෙනෙකු සොයාගත් බව නවසීලන්ත රජය විසින් නිවේදනය කළේය. මෙම සංඛ්‍යාවත් සමගම නවසිලන්තයේ මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1386 ක් දක්වා ඉහළ යන අතර මෙයින් 9 දෙනෙකු මේ වන විට මිය ගොස් 728 දෙනෙකු සුවය ලබා ඇත.

නිරන්ජන් හේරත් නවසීලන්තයේ සිට.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි