නවතම පුවත්

රුසියාවේ කොරෝනා ආසාදිතයින් ගණන 85,000 ඉක්මවයි – වැඩිම රෝගීන් මොස්කව් නගරයෙන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුසියාව අගනුවර තවමත් කොවිඩ්-19 ආසාදිත වක්‍රයේ උපරිමයට පැමිණ නැති බවත්, ඉදිරි සති කිහිපය තුළ මෙම අභියෝගය දෙස බලා සිටින බවත් මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් රුසියාවේ රාජ්‍ය නාලිකාව ඔස්සේ විකාශය කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

“අවාසනාවට අපි තවමත් වක්‍රයේ උපරිමයට ළඟාවී ඇති බව හෝ අපට ධනාත්මක ප්‍රගතියක් ඇති බව මට පැවසීමට නොහැකියි. මගේ අදහසේ හැටියට අප තවමත් එහි අඩක්වත් ළඟාවී නොමැති හැඩයි” සොබියානින් පැවසීය.

මොස්කව් රෝහල් මේ වනවිට ඇති වී තිබෙන අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින නමුත්, ඉදිරි සති එකහමාර තුළ කොරෝනා වෛරස රෝගීන් සඳහා ඇඳන් ප්‍රමාණය දෙගුණ කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බව නගරාධිපතිවරයා පැවසීය.

පසුගිය සතියේ මොස්කව් විසින් පොදු ප්‍රවාහන ඔස්සෙ සිදුවන චලනයන් සඳහා QR- කේත පාස් ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබීය.

මේ වනවිට රුසියාවෙන් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 87,147ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් සිද්ධීන් 40,000කට වැඩි ප්‍රමාණය වාර්තා වී ඇත්තේ මොස්කව් නගරයෙනි. රට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 794කි.

පස්වරු 1.50 වන විට තත්වය

පස්වරු 1.50 වන විට තත්වය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි