ඇමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (10දා) උදෑසන 09.00 වනවිට එම අගය දැක්වුණේ 1,347,309 ක් ලෙසිනි.
එමෙන්ම මේ දක්වා ඇමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 80,037ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඇමෙරිකාව විසින් මීට පෙර පුරෝකථනයන් අභිභවා යෑමකි.
ඇමෙරිකානු මරණවලින් වැඩිම ප්‍රමාණය නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, එම අගයද 26,771 ක් ලෙස වාර්තා වෙයි.
ඉන් අනනතුරුව පිළිවෙළින් නිව් ජර්සි ප්‍රාන්තයේ මරණ 9,118ක්, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ මරණ 4,840ක්, මිචිගන් ප්‍රාන්තයේ මරණ 4,526ක්, පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මරණ 3,798ක්, ඉලිනොයිස් ප්‍රාන්තයේ මරණ 3,349ක් ලෙස වාර්තා වෙයි.
ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන්ගෙන් මෙතෙක් සුවය ලබා ඇත්තේ පුද්ගලයන් 212,534ක් පමණි.
නව කොරෝනා වෛරසය පරීක්ෂණය කිරීමෙන් පමණක් පාලනය කළ හැකි බව විශ්වාස කරන ඇමෙරිකාව මේ වනවිට පරීක්ෂණ 8,709,630ක් සිදුකර ඇත.