විශ්‍රාමික පොලිස්පතිවරුන්ට සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ආරක්ෂාව ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳ කළ යෝජනාවකට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී ඇත.
මෙතෙක් නීත්‍යානුකූල ආරක්ෂාවක් හිමිව නොතිබුණු විශ්‍රාමික පොලිස්පතිවරයෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 05 දෙනෙකුගේ ආරක්ෂාවක් සැපයෙනු ඇත.
එම නිලධාරීන් උප පොලිස්පරීක්ෂකවරයෙක් , සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් සහ කොස්තාපල් රියදුරෙකුගෙන් සමන්විතය.
විශ්‍රාමිත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සඳහා පොලිස් නිලධාරීන් 03 දෙනෙකුගේ ආරක්ෂාවක් සැලසේ.
සැරයන්වරයෙකුගෙන් සහ කොස්තාපල්වරු දෙදෙනෙකුගෙන් එම ආරක්ෂාව සමන්විතය.
පොලිස්පතිවරයාගේ එම යෝජනාව කාලෝචිත සහ සාධාරණ එකක් බැවින් ඊට අනුමැතිය ලබාදුන් බව ජාතික පොලිස්කොමිසම සදහන් කරයි.
පොලිස්පතිවරයෙක් හෝ ඊට පහළ නිලධාරියෙක් පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය පසු ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යෙදවීමට මෙතෙක් කලක් නීතිමය ප්‍රතිපාදන නොවීය.