ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත් මාත්‍රා ලක්‍ෂ 40 ක්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) මෙරටට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ලබා දීමට තීරණය කර ඇත .

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගිනිකොණදිග ආසියානු කලාපයේ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කළේ මේ යටතේ ඇස්ට්‍රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත නොමිළේ මෙරටට ලැබෙනු ඇති බවය.

මේ මස අවසානයේ එහි පළමු එන්නත් මාත්‍රා තොගය දිවයිනට ලැබෙනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

පළමු අධියරේදී සමස්ත එන්නත් ප්‍රමාණයෙන් 30% ලැබීමට නියමිතය.

ඉතිරි තොගය අදියර කිහිපයක් යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට ලබාදීමට නියමිතය