මාර්තු මුල් සතියේ සිට මෙරට ලක්‍ෂ 90 ක, පිරිසකට කොවිඩ් එන්නත ලබාදේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන මාර්තු පළමු සතියේ සිට සාමාන්‍ය ජනතාවටත් කොවිඩ් එන්නත්කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව  බ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර සිටී .

ලක්ෂ 90 ක ජනතාව වෙනුවෙන් අවශ්‍ය කරන එන්නත් ඇනවුම් කර තිබෙන අතර මධ්‍යස්ථාන 4000ක් ස්ථාපිත කර ඒවා ලබා දීමට සැලසුම් කර ඇති බවද  අමාත්‍යවරිය මාධ්‍ය  වෙත පැවසීය .

එම එන්නත්කරණය සඳහා වැයවන්නේ රු. මිලියන 10ක් පමණ වන නමුත් දවසකට PCR පරීක්ෂණ සඳහාම රු.මිලියන 90ක් පමණ වය වන බව ද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටි

සාමාන්‍ය ජනතාවට එන්නත්කරණය ආරම්භ කිරීමෙන් පසු දවසකට ලක්ෂ 06කට පමණ එන්නත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය මෙහිදී පැවසීය