චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට විදේශ සංචිත ඉහළ නංවාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1,500 ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට චීනය එකඟතාව පළ කර ඇත .

ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මෙම මස අගදී සිදු කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටී

ආනයන වියදම් හෝ වෙනත් අවශ්‍යතාවක් වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවකදී අදාළ මුදල ලබාගත හැකි බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටී