ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 7ක්, මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමට සහ සංශෝධන ඉදිරිපත්කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද (28) කැඳවා තිබේ.
ලිබරල් පක්ෂය, අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහා සභාව, දෙමළ සමාජ ප්‍රජාතාන්ත්‍රික පක්ෂය, සිංහලදීප ජාතික පෙරමුණ සහ සමත්තුවකච්චි පක්ෂය තම සහභාගිත්වය ස්ථීර කර ඇති අතර මවුබිම ජනතා පක්ෂය සහ එක්සත් සාම සන්ධානය මෙතෙක් තම සහභාගීත්වය තහවුරුකර නොමැත.
මැතිවරණ සහ මැතිවරණ ව්‍යූහයේ නීති රීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය අප්‍රේල් මාසයේදී පත්කර තිබුණි.