ගුරු විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න )

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇත .

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි මෙම කමිටුව පත්කර ඇති බවද වාර්තාවේ ..

මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග එම කමිටුවේ සාමාජිකයින් වන අතර . ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ අධ්‍යනය කර කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු වාර්තා කිරීම එම කමිටුව වෙත පවරා තිබෙන කාර්යභාරය වේ.