පැතුම් වික්‍රමරත්න
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාමාන්‍ය ගුවන්ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටී
නව කාලසටහන යටතේ මුම්බායි, චෙන්නායි සහ බැංගලෝර් දක්වා සතිපතා ගුවන්ගමන් වාර 4ක් ක්‍රියාත්මක වන අතර මදුරෙයි, තිරුචිරාප්පලි, ත්රිවන්ද්රම් සහ කොචින් සදහා සතියකට වරක් බැගින් ද හයිද්‍රබාද්, නවදිල්ලිය සහ කොළඹ අතර සති දෙකකට වරක් බැගින් ද ගුවන්ගමන් සිදුකෙරෙනු ඇති බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ.
කෙසේ වෙතත් දෙරටෙහිම සංචාරකයින් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පෙරපරිදීම බලපැවැත්වෙන බවත් සඳහන් වේ.