ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ඇෆ්ගනිස්ථානයේ මතුවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ඊයේ(30) වනවිට තවත් ලාංකිකයන් 7 දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා ඉතිරිව සිටින බව විදේශ කටයුතු අමාතයාංශය පවසයි.
එහි සේවය කළ ශ්‍රී ලාංකිකයන් 66 දෙනෙකු ඉවත් කරගෙන ඇති අතර ශ්‍රී ලාංකිකයින් 21 දැනට ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට තීරණය කොට ඇත.
ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහය ඇතිව ඇෆ්ගනිස්ථානයෙන් සිය පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා පහසුකම් සැලසූ අතර ඒ අනුව එම පිරිස ගලවා ගැනිණි.
එරට මතුවන ප්රවණතා පිළිබඳව විදේශ කටයුතු අමාතයාංශය අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර, මානුෂීය අංශය ඇතුළුව එහි පවතින තත්වය පිළිබඳව සැලකිල්ලෙන් පසුවන බව ද නිවේදනය කර ඇත.
ගමන් කිරීම සඳහා අවසරය ලැබී ඇති සියළුම දෙනාට ආරක්ෂිතව හා විධිමත් ලෙස පිටවීමේ ස්ථානය දක්වා ගමන් කිරීමට සහ ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වීම සඳහා අවසර දෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.