වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද සීඅඩිඩීයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

වෛද්‍ය පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබේ.

ඒ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම, රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේදී සිදුවන බරපතල ගැටළු මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් බරපතල අක්‍රමිතා සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කල ප්‍රකාශයන් සම්බන්දයෙන් ලද පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබාගැනීමටය.

එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ඹෟෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව වැනි ආයතනද දැඩිව දෝෂදර්ශනයට ලක්කර තිබුණි.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ විවේචනයට ලක්වූ ඖෂධ සම්බන්ධ රජයේ ආයතනයක වෛද්‍යවරයෙක් විසින් ඊයේ  පෙරවරුවේ කළ පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව මෙම එම යූ ටියුබ් නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවේදි වෛද්‍යවරයා ප්‍රකාශ කරන ලද කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.