ඉදිරියේදී මෙරට කොවිඩ් පාලනය සඳහා , සෞඛ්‍ය , විද්‍යා , ආර්ථික ඇතුළු අදාළ සියලුම අංශවල විශේෂඥයීන්ගේ දායකත්වය සහිතව තිරසාර, සැලැස්මක් සැකසිය යුතුව ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අවධාරණය කර සිටී .
කොළඹ විශ්වවිද්‍යාලීය ආදී විද්‍යාර්තීන්ගේ රැස්වීමේ ප්‍රධාන දේශනය කරමින් මහාචාර්යවරිය මේ බව සඳහන් කලාය .
එන්නත්කරණය දැනට මෙම කොවිඩ් වසංගතය සඳහා ඇති ප්‍රධානම විසදුම වන බවත් එය සාර්ථක කරගනීමටනම් ජනතාව ඒ පිළිබඳව තවදුරටත් දැනුවත් කර ඔවුන්ගේ දායකත්වයද ඊට ලබාගත යුතු බවත් ඇය මෙහිදී පැවසීය .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරිය මෙසේද පැවසීය ,
කොවිඩ් වසංගතය සඳහා වරින් වර වෙනස් වන , තාවකාලික සැලසුම් සැකසීම සාර්ථක නැහැ . වසංගතය වැඩිවශයෙන් ව්‍යාප්තවන කාලයට පමණක් ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රමාණවත් නැහැ . වඩාත් සාර්ථක ක්‍රමය වන්නේ පෙර සූදානමක් සහිතව , විධිමත් , තිරසාර සැලැස්මක් යටතේ කොවිඩ් පාලනය සඳහා අවතීර්ණ වීමයි .
මෙහිදේ මෙම සැලැස්ම සකස්කිරීමට සෞඛ්‍ය , විද්‍යා , ආර්ථික ඇතුළු සියලු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයින්ගේ දායකත්වය ලබාගත යුතුයි . එම සියලුදෙනා එක මේසයකට එක්ව මෙම සැලැස්ම සැකසිය යුතුයි . ඉන් පසු එම සැලැස්ම වෙනස්වීම් වලින් තොරව දීර්ඝකාලීනව ක්‍රියාත්මක කල හැකියි .
වසංගතය වේගයෙන් ව්‍යාප්තවන විට පනවන දැඩි සීමා , දිගටම පවත්වාගෙන යන්න බහ ,ඒවා ලිහිල් කල යුතුයි , නමුත් එම ලිහිල් කිරීම් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුකූලව කල යුතුයි .
ඔරෝනා යනු මාස කිහිපයකින් , සති කිහිපයකින් අවසන් වන දෙයක් නොවේ, එය ඩෙංගු , ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග මෙන්ම කාලයක් මේ ලොව තුල පවතීවි . අපේ විසදුම් හා රෝග පාලන සැලසුම්ද, දීර්ඝ කාලීන හා තිරසාර සැලසුම් විය යුත්තේ එමනිසයි .
දේශීය වෙදකම තුල ඇති දැනුම අපට කොරෝනා ව්‍යාප්තිය පාලනයට බාවිතා කල හැකියි . නමුත් ඒ සඳහාද නිශ්චිත සැලස්මක් අවශ්‍යයි . නිශ්චිත විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාවලියකින් තොරව දේශීය ඖෂධ , කොරෝනා රෝගය සඳහා සුදුසු යයි නිර්දේශ කිරීම භයානකයි . එම නිසා එවැනි ඖෂධ ඇත්නම් ඒවා ගැන විද්‍යාත්මකව සොයා බැලිය යුතුයි , දැනටමත් අප එවැනි ඖෂධ වර්ග පිළිබඳව පරීක්ෂණ කිහිපයක් ආරම්භ කර තිබෙනවා .
කොරෝන වසංගතයට දැනට ඇති ප්‍රධානම විසඳුම එන්නත්කරණයයි . තවමත් එන්නත ලබානොගත් පිරිස් මෙරට සිටිනවා . එම ගැටලුව විසන්දීමටනම් ජනතාව එන්නත්කරණය සම්භන්ධව තවදුරටත් දඩ්නුවත් කල යුතුයි . එසේ කිරීමෙන් ජනතාවගේ සහය එම එන්නත්කරන ක්‍රියාවලියට ලබාගත හැකියි . එවැනි සහයකින් තොරව කොවිඩ් පාලන කටයුතු සාර්ථක කරගන්න බැහැ .
කොතරම් යුධ ශක්තියක් තිබුනත් , කොවිඩ් වැනි වසංගතයකට එරෙහිව සටන් කල නොහැකි බව මේ වනවිට ලෝකයේ සියලුම රටවලට දැන් වැටහී ඇති බව සිතෙනවා . ඒ අනුව ඉදිරියේදී ආරක්ෂක කටයුතුවලට වඩා වැඩි මුදලක් විද්‍යා හා තාක්ෂණ කටයුතු සඳහා වෙන කරනු ඇතැයි පේක්ෂා කරනවා . එය විය යුතු දෙයක් .
![YouTube player](https://i.ytimg.com/vi/S4Wf_2xpP1Y/maxresdefault.jpg)