කොවිඩ් ආසාදනයවී අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් පහත බසිමින් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත පැවසීය
ඒ අනුව රෝහල්වල සිටින , බාහිර ඔක්සිජන් අවශ්‍ය කෙරෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අද (01) වනවිට 959ක් දක්වා පහත බැස ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
එම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් අඩු වනු ඇතැයි විශ්වාසය පළ කළ හැකි බවද ඒ මහතා පැවසුවේය.
නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමද ඉදිරි සතිවලදී සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව තාක්ෂණික සේවා අධ්‍යක්ෂවරයා පැවැසීය.