නවතම පුවත්

පෞරාණික මඟුල් සෑය හාරා නිධන් සොයලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

සිතුල්පව්ව පූජා භූමියේ පිහිටි රජ සමයේ ඉදිකරන ලද පරිවාර චෛත්‍යක් වන මගුල් මහා සෑය පෙරේදා (31) රාත්‍රියේ නිදන් හොරුන්ගේ බිඳදැමීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් කැලෑ මාර්ග ඔස්සේ පැමිණ ඊයේ රාත්‍රියේ යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් චෛත්‍යය ගර්භයේ සිදුරු කොට මෙම නිදන් සොරකම සිදු කොට ඇත. අනතුරුව එම නිධන් සොරුන් සිදුරු කළ ස්ථානය ස්ථානයේ Plaster of Paris යොදා නැවත පිලිසකර කර තිබීම ද විශේෂිතය.

පරිවාර චෛත්‍ය දෙසින් රාත්‍රී කාලයේ බිත්ති සිදුරු කරන යන්ත්‍රයක ශබ්දය ඇසී සිතුල්පව්ව රජමහා විහාරස්ථාන භූමියේ ආරක්ෂාවට යොදවා සිටින පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ. එහිදී යම් පිරිසක් ඔහුව රැගෙන පැමිණි භාණ්ඩ අතහැර කැලෑවට පලා ගොස් ඇත. එහිදී හමුදාව සහ පොලිසිය රාත්‍රිය පුරා කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස එක් සැකකරුවෙකු කැලෑවේ සැඟවී සිටියදී අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. මෙම සැකකරු දෙබරවැව පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.ඔහු සමඟ තවත් තිදෙනෙක් පැමිණ ඇති බවත් ඒ අය දෙබරවැව සහ යෝධකණ්ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් අනාවරණය වී තිබේ.

සෆාරි ජීප් රථයකින් චෛත්‍යය පිහිටි ස්ථානයට යාබද තැනකට පැමිණ ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත. දෙබරවැව පදිංචි බුලත් ව්‍යාපාරයක නිරතව සිටින පුද්ගලයෙක් මෙම නිදන් නිදන් සොරකම සැලසුම් කර ඇති බව ද බවද අනාවරණය වී ඇත. එම පුද්ගලයා මේ වන විට පලාගොස් සැඟවී සිටින බව උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය. චෛත්‍යයේ ගර්භය හාරා Plaster of Paris වලින් එම ස්ථානය වසා ඇත්තේ නිධන් හැරීමක් සිදු වූ බවට කිසිවකුට සැකයක් ඇති නොවන ලෙස බව අත්අඩංගුගත් වට ගත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කර තිබේ.

එම සැකකරු සඳහන් කර ඇත්තේ චෛත්‍යයේ ගර්භය සිදුරු කොට ගර්භයේ හෑරුව ද කිසිදු වටිනා කියන යමක් හමු නොවූ බවයි. මේ සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා