නවතම පුවත්

කොවිඩ් නිසා අසාධ්‍යවන රෝගීන් ගණන අඩුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ආසාදනයවී  අසාධ්‍ය  තත්වයට පත්වන රෝගීන්ගේ  සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් පහත බසිමින් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත පැවසීය

ඒ අනුව රෝහල්වල සිටින ,  බාහිර ඔක්සිජන් අවශ්‍ය කෙරෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඊයේ (01) වනවිට 959ක් දක්වා පහත බැස ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් අඩු වනු ඇතැයි විශ්වාසය පළ කළ හැකි බවද ඒ මහතා  පැවසුවේය.

නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමද ඉදිරි සතිවලදී සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව තාක්ෂණික සේවා අධ්‍යක්ෂවරයා පැවැසීය.

කොවිඩ් ආසාදිතයන්ගේ සහ කොවිඩ් මරණවල සැළකිය යුතු අඩුවක් ඉදිරි දෙසතියෙන් පසු බලාගත හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටී

දැනට ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය කොයි මොහොතක හෝ ඉවත් කෙරෙන හෙයින් ඊට පෙර පොදු ගමනාගමන හා ආයතනවලදී සේවකයන් හසුරුවන නව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඒ ඒ ආයතන බලධාරීන් කටයුතු කළ යුතු බවද හේරත් මහතා මෙහිදී පැවසීය .එසේ කටයුතු නොකළහොත් රට විවෘත කළ සැණින් කොවිඩ් වයිරසය යළි පැතිර යා හැකි බවද  ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ වලට පමණක් කොවිඩ් වයිරසය පරාජය කළ නොහැකි බවත් ඒ සඳහා ජනතාවගේ සහයෝගය උපරිමයෙන් ලැබිය යුතු බවත් ඔහු පැවසුවේය.

සෑම අංශයක්ම ආවරණය වන පරිදි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද සකස් කළ යුතු වන බවද හේරත් මහතා මෙහිදී පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා