නවතම පුවත්

සීනි- හාල්වලට අද සිට පාලන මිලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


* වැටලූ තොග රාජසන්තකයි
* සතොස හරහා ජනතාවට

පැතුම් වික්‍රමරත්න

සීනි සහ සහල් සඳහා අද (02) සිට මිල පාලනයක් හඳුන්වාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට මුද්‍රා තබා තිබෙන බලපත්‍ර ඇති සහ බලපත්‍ර නැති ගබඩාවල ඇති සියලුම සීනි තොග රාජසන්තක කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා ඊයේ (01) පෙරවරුවේ කීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට මුද්‍රා තබා ඇති සීනි මෙට්‍රික්ටොන් 30,000 කට ආසන්න ප්‍රමාණය සතොස හරහා දීමට පියවර ගන්නා බව හෙතෙම කීය.

සීනි සඟවා ඇති ගබඩා වැටලීම තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2020 ඔක්තෝම්බර් 14 වෙනිදා සිට සීනි කිලෝවකට අයකල රුපියල් 50 ක ආනයනික බද්ධ පාරිභෝගිකයාට සහනයක් සැලසීම සදහා ශත 25 දක්වා අඩු කිරීමෙන් පසු 2021 ජූනි 30 දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000 ක් මෙරටට ආනයනය කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන ආකාරයට අනුව මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000 ත් පමණක් වන බවද එම නිවේදනයේ සදහන්ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා