වයස අවුරුදු 18 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන අද සිට දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටී ,
මේ අනුව වයස අවුරුදු 18 -30 අතර එන්නත්කරණය සඳහා වන තරුණ තරුණියන් සංඛ්‍යාව මිලියන 3.7 ක් පමණ වනවා. ඔවුන් කඩිනමින් එන්නත්කරණ ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
එළඹෙන සති දෙක තුන අවසන් වීමට පෙර වයස අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය .
. ඒ අනුව ඔක්තෝබර් අවසානයට පෙර අවුරුදු 18 ඉක්මවූ පුරවැසියන් සඳහා වන එන්නත්කරණය අවසන් කිරීමට හැකි වනු ඇති බවටද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විශ්වාසය පළ කළේය .