ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංචාරකයින්ට එරටට ඇතුළු වීමේදී දැඩි සීමා පැනවෙන බව ඉතාලි විදේශ කටයුතු හා සහයෝගීතා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව බ්‍රසීලය, ඉන්දියාව, බංග්ලාදේශයෙන් යන සංචාරකයන්ට ද මෙම සීමා පැනවේ.
අගෝස්තු 30 දින අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම නියෝගයට අනුව, නව නීතිරීතිවලට අනුකූලව, ඉහත සඳහන් රටවලින් පැමිණෙන අයට ඉතාලියට ඇතුළුවීමට අවසර දෙනුයේ ඔවුන් සෞඛ්‍ය, අධ්‍යාපනික හෝ රැකියා හා සම්බන්ධ කටයුතු සඳහා සංචාරය කරන්නේ නම් පමණි.
ඊට අමතරව, වෙනත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා යන අයට මෙන්ම තම මව් රට ලෙස ඉතාලියට එම රටවලින් ආපසු එන අයට ද ඇතුළුවීමට අවසර දී ඇත.
මෙම රටවලින් ඉතාලියට ඇතුළුවීමේදී ඩිජිටල් මගී ස්ථානගත කිරීමේ පෝරමය (පීඑල්එෆ්) පිරවීම අනිවාර්ය වේ, ඉතාලියට ඇතුළු වීමට පෙර පැය 72 ක් තුළ සිදු කරන ලද සෘණ PCR හෝ වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ ප්‍රතිඵලයක් ඉදිරිපත් කළ යුතුය, වෛද්‍ය අධීක්ෂණය යටතේ දින දහයක් ස්වයං හුදකලා වීමක් ද අනිවාර්ය කර ඇත.