ප්‍රබෝධා හෙට්ටිආරච්චි
එංගලන්තයේ ත්‍රස්තවාදය පිළිබඳ පනත යටතේ එල්ටීටීඊ හෙවත් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කිරීමට තීරණය කර තිබේ.
එරට ස්වදේශ කටයුතු ලේකම්වරයා මෙම තීරණය ශ්‍රී ලංකා රජය වෙත දන්වා තිබේ.
2000 අංක 7 දරණ එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ එය තවදුරටත් තහනම් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසීය.
එංගලන්තය තුළ එල්ටීටීඊ සංවිධානයට ඇති තහනම ඉවත් කරගැනීම සඳහා එරට එල්ටීටීඊ පෙරමුණ විසින් තහනම් සංවිධාන අභියාචනා කොමිෂන් සභාවේ (පීඕඒසී) වෙත කරන ලද අභියාචනය ප්‍රතික්ෂේප කර ඇත. එරට ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ නිල වශයෙන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඒ අනුවයි.
එබැවින් යුරෝපා සංගම් කලාපය ඇතුළු ලොව පුරා රටවල් 30 කට වැඩි ගණනක එල්ටීටීඊ සංවිධානය තවමත් තහනම් සංවිධානයක් ලෙස පවතී.
සිවිල් වැසියන් සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් ඉලක්ක කරගත් කණ්ඩායමේ කෲරත්වය සහ සාහසිකකම්, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වීම සහ ගෝලීය හා කලාපීය ආරක්ෂාවට බලපාන වෙනත් අපරාධ ක්රියාකාරකම් හේතුවෙන් එම රටවල කොටි සංවිධානය මුලින් තහනම් කරන ලදී.