නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි සාප්පු සංකීර්ණයක 6 දෙනකුට පිහි ප්‍රහාරයක් එල්ල කොට පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයා අයිඑස් අන්තවාදියෙකු ලෙස එරට රජය මීට පෙර හඳුනා ගත් ශ්‍රී ලාංකිකයෙක් බවට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් විසින් පවසයි.
මොහු එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට එරට රජය දැනසිටි අතර නවසීලන්ත ආරක්ෂක අංශ විසින් නිරන්තර අධීක්ෂණයට ලක්වෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
‘මෙය අහිංසක නවසීලන්ත වැසියන්ට එල්ල කළ ප්‍රචණ්ඩ ප්‍රහාරයක්, එය තේරුමක් නැති දෙයක්,’ ආර්ඩර්න් පැවසීය. ‘එය සිදු කළේ අප දැන සිටි තර්ජනයක් ඇති පුද්ගලයෙකු විසිනි.’
අද නිව් ලින් සාප්පු සංකීර්ණයේදී සිදු වූ මෙම බිහිසුණු පිහි ප්‍රහාරයෙන් පසු ඔහුට පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබීමෙන් මියගොස් ඇත.
2016 සිට එරට ජාතික ආරක්‍ෂාව ගැන උනන්දුවක් දැක්වූ අන්තවාදී මත දැරූ lone wolf හෙවත් තනි වෘකයකු ලෙස අයිඑස් මත දැරූ ඔහු 32 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි. ආරක්ෂක හේතු මත ඔහු හඳුන්වන්නේ ‘S’ ලෙස පමණි.
ඕක්ලන්ඩ් හි සුපිරි වෙළඳසැලකට කඩා වැදුණු ඔහු එහි පිහියක් ගෙන පුද්ගලයින් 6 දෙනෙකු තුවාල කර තිබූණි. තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. ප්‍රහාරය සිදුකර තත්පර 60 ක් තුළදී ඔහු පොලිස් වෙඩි පහරින් මිය ගියේය.
ඔහු මෙම ප්‍රහාරය සඳහා නිවසින් පිටවූ මොහොතේ සිටම පොලීසිය ඔහු පසුහඹමින් ගොස් ඇත.
අයිසිස් කෙරෙහි ඔහුගේ ඇති දැඩි අන්තවාදී අදහස් හේතුවෙන් ඔහු දිගටම නිරීක්ෂණයට ලක් විය. මොහු 2011 දී එරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බව එරට අගමැතිනිය පවසා ඇත.