සෑම ආයතනයකටම කොවිඩ් නිලධාරියෙක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සෑම ආයතනයකටම කොවිඩ් කාර්යභාර නිලධාරියෙකු කඩිනමින් පත් කරන ලෙස , සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී .
මෙසේ පත්කරනු ලබන අදාළ නිලධාරියා විසින් ආයතනික මට්ටමින් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා රෝගීන් කළමනාකරණය, වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීම සහ ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් සමග සමීබන්ධීකරණය ඇතුළු කටයුතු සිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත .

කොවිඩ් කාර්යභාර නිලධාරියෙක් පත් කිරීම මගින්  ආයතන හරහා  කොවිඩ් වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීම සීඝ්‍රයෙන් පහළ යනු ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කර ඇත