නව වීසා ක්‍රමවේදයක් (Digital Nomad Visa) හඳුන්වා දීමට රජය තීරණය කර ඇත
සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, විදේශයක රැකියාවක් සිදුකරන පුද්ගලයින්ට මෙරටට පැමිණ, විදේශයන්හි නිරත රැකියාව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට ඉන් අවස්ථාව හිමිවන බවය.
මෙහිදී වීසා හරහා මෙන්ම අදාළ පුද්ගලයාගේ වැටුප මෙරටට පැමිණී වියදම් කිරීම තුළින් එම මුදල් ද රට තුළ සංසරණය වීමක් සිදු වන බව ඇය පැවසුවාය .
මෙම අවස්ථාවේ රට තුළට විදේශ විනිමය ලබා ගැනීමේ කටයුත්තක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම ක්‍රමවේදයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි, ඇය ප්‍රකාශ කළා ය.
මේ අතර, පසුගිය අගෝස්තු මාසය තුළදී පමණක් මෙරටට විදෙස් සංචාරකයින් 5040 දෙනෙකු පැමිණ තිබේ. ඒ, කැනඩාව, ජර්මනිය, එංගලන්තය, පාකිස්ථානය සහ ඉන්දියාව යන රටවලිනි.