චීන දුරකථන භාවිතය ප්‍රවේශමෙන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දැනට භාවිත කරන චීන දුරකථන ඉවත දැමිය යුතු අතර අලුත් ඒවා මිලදී ගැනීමෙන් ද වලකින ලෙස ලිතුවේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශය එරට ජනතාවට අනතුරු අඟවා තිබෙ

චීනයේ නිෂ්පාදිත 5G ජංගම දුරකථන පරීක්‍ෂා කොට එරට ජාතික සයිබර් ආරක්‍ෂක මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වර්තාවක් ඇත.එකී වාර්ථාවට අනුව Xiaomi දුරකථනයක් නිමවා ඇත්තේ දුරකථන තුළ වාරණ මෙවලම් (censorship tools) අන්තර්ගත කරඇත .

තවත් Huawei මාදිලියක ආරක්‍ෂිත දෝෂ තිබී ඇත. මීට පිළිතුරු ලෙස Huawei සමාගම පවසා ඇත්තේ තම නිෂ්පාදනය මගින් කිසිදු පරිශීලක දත්තයක් බාහිරට නිකුත් නොවන බවයි. එසේම තම නිෂ්පාදන තුළ වාරණ මෙවලම් (censorship tools) නොමැති බව Xiaomi පවසා ඇත.

“අපේ නිර්දේශය අලුතින් චීන දුරකථන මිලදී නොගැනීමත්, දැනටමත් මිලදී ගෙන ඇති ඒවා හැකි ඉක්මනින් ඉවත් කිරීමත් ය යන්න  ලිතුවේනියාවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති මාගිරිස් අබුකෙවිසියස් පවසා සිටියි….