සතොස,වසර හතකට පසු ඉහළම ලාභය උපයයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර 07කට පසුව ලංකා සතොස රුපියල් කෝටි 400ක ලාභයක් ඉකුත් මාසයේදී උපයා ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී .

ලංකා සතොස ඉතිහාසයේ මසකදී ලැබූ වැඩිම ආදායමද මෙය බව අමාත්‍යවරයා සඳහන් කළේය .

රත්නපුර නගරයේ ලංකා සතොස නව අලෙවි සැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරා මේ බව සඳහන් කළේය .

මෙම වසර අවසාන වීමට පෙර ලංකා සතොස අලෙවි සැල් පිහිටා නොමැති ප්‍රදේශවල එම අලෙවි සැල් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .