රුපියල් 1000ත් පන්නා වැඩි කළ ලී‍ත්‍රෝ ගෑස් මිල 100ටත් අඩුවෙන් බස්සයි

Picture of අසංක

අසංක

ඊයේ රාත්‍රි සිට මිල ඉහළ දැමූ ලිට්රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව රුපියල් 2,675 ක් ලෙස වැඩි කර තිබූ 12.5 kg ගෑස් සිලින්ඩරයක මිලෙන් රුපියල් 75 කින් අඩු කර තිබේ.

කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරය ඊයේ සිට රුපියල් 1,071 ක් ලෙස වැඩිකර තිබූ අතර එය රුපියල් 30 කින් අඩු කර ඇත.

කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයේ මිල රු. 506 ක් ලෙස ඉහල දැමුණු අතර එය රුපියල් 14 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.